Principal _ විදුහල්පති

එන්.බි.ඒ.සෞම්‍යා කුමාරි – විදුහල්පති
(කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරී – පෙර පාසැල් ගුරු පුහුණු ඩිප්ලෝමාධාරී – N V Q Leval 4 සහතිකලාභී – පෙර පාසැල් ගුරු ඵලදායිතා සහතික පත්‍ර විශිෂ්ඨ සමාර්ථලාභී)

The University of Kelaniya is a Graduate, Pre-school Teacher Training Diploma Holders, N V Q Level 4 Certified Profits, Pre-Graduate Teacher Product Certificates Have Excellent Excellence.

විදුහල්පතිනියගේ ගුරු උපදේශණය යටතේ මෙහෙයවනු ලබන ප්‍රවීණ ගුරු මඩුල්ලකින් සැදුම්ලත් කැකුළු සෙවන පෙර පාසැල දොම්පේ කොට්ඨාශයේ ආදර්ශ පෙර පාසැල ලෙස තේරී පත්වී ඇති එකම පෙර පාසැලයි. අධ්‍යාපනයට අමතරව ,බාහිර ක්‍රියාකාරකම් සමගින් දරුවන්ගේ හැකියා හා කුසලතා හදුනාගෙන ඔවුන් ඒ මගට යොමුකිරීමත්, හා විශිෂ්ඨයින් බවට පත්කිරීමට අප ගුරු මණ්ඩලය යොමුවී ඇත.
ඒ සදහා නව මානයන් ඔස්සේ අධ්‍යාපනය ධර්මාවබෝධය ලබා දීම,චාරිත්‍ර වාරිත්‍ර වලට පුරුදු පුහුණු කරමින් සංස්කෘතික හරපද්ධතීන් වෙත යොමුකිරීම.

යහපත් පුරුදු අවබෝධ කරලීම, ක්‍රිඩා උත්සව සංවිධානය තුලින් දරුවන්ගේ ශාරීරික හා මානසික සෞඛ්‍යය පිලිබදව මූලිකව කටයුතු කිරීම. අධ්‍යාපන චාරිකා හා විනෝද චාරිකා සංවිධානය කිරීම තුලින් දරුවන්ගේ බාහිර අධ්‍යාපන කටයුතු වැඩි දියුණු කිරීම ,රාත්‍රි කදවුරු ඇතිකර එකමුතු කමින් ජීවිතය ජයගැනීමේ මග පැහැදිලි කරදීම, වාර්ෂිකව විවිධප්‍රසංග පවත්වා එම වර්ෂයේ අධ්‍යාපන නිම කෙරේ.

දරුවන්ගේ සනීපාරක්ෂාව පිලිබදව විශේෂ අවධානය යොමුකරන අප ආරක්ෂිත වටපිටාවක් හා සුන්දර පරිසරයක් සකස් කරදී ඇත. අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ලියාපදිංච්ය ලබා ඇති, ඵලදායිතාවයෙන් විශිෂ්ඨයින් බවට පත්ව ඇති කැකුළු සෙවන පෙර පාසැල දොම්පේ කොට්ඨාශයේ ප්‍රමිතිය යටතේ ඇති එකම පෙර පාසල බවට පත්ව ඇත.

විශේෂ වරප්‍රසාද:-
2019 වසරේ සිට ඔබ දරුවන්ට නොමිලේ පරිහරනය කිරීම සදහා පරිගනක පුහුණුව ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම් කටයුතු නොමිලේම සිදු කෙරේ. ඔබේ දරුවාත් දැයේ විශිෂ්ඨයෙක් බවට පත් කිරීමට නොපමාව කැකුළු සෙවන පෙර පාසැල තෝරා ගන්නා මෙන් දෙමාපියන්ට කරුණාවෙන් දැණුම් දෙමු.

ප්‍රධාණාචාර්ය තුමියගේ සහතික හා සම්මාන

WEBSITE _ Create By, Jayakody 0776 209 299 [viber/imo/whatsapp]

*කරුණාකර පහත ඇති අපගේ Like Page එකට Like එකක් දාන්න.

 

 

Opening Hours

Monday

8.00 AM - 11.30 AM

Tuesday

8.00 AM - 11.30 AM

Wednesday

8.00 AM - 11.30 AM

Thursday

8.00 AM - 11.30 AM

Friday

8.00 AM - 11.30 AM

Saturday

-

Sunday

-

Address

Our Address:

No,71/1 Piriwana Road Mandawala

Telephone: